English (UK)TamilSriLanka

නැවුම් පුවත්

අභ්‍යන්තර විගණන අංශය

වෙනත් කාර්යභාරය

  • අභ්‍යන්තර විගණනය යනු, ආයතනයක මෙහෙයුම් වැඩි දියුණු කිරීමට හා ඒවාට අගයක් එක් කිරීම සදහා සැලසුම් කරන ලද ස්වාධීන, අරමුණු සාක්ෂාත් කරන හා උපදේශාත්මක ක්‍රියාකාරකම් සිදු කරන අංශයක් වේ. අවධානම් කළමනාකරණය, පාලනය හා පාලන ක්‍රියාවලීන්හී ළුලදායිත්වය වැඩි දියුණු කිරීමට ඇගයීමට අවැසි ක්‍රමවත් හා ශික්ෂිත ප්‍රවේශයක් හදුන්වාදීම මඟින් ආයතනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට එය උපකාර වේ.
  • සරළව දක්වන්නේ නම් පාරිභෝගික අධිකාරිය සතු සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හා අධිකාරියේ වත්කම් ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය ක්‍රියාවලීන් නිසි ලෙස සැකසීම සදහා පරිපාලනයට උපකාර වීම අභ්‍යන්තර විගණන අංශයේ කාර්යය භාර්යයි.

සේවා අවකාශය

  • මූල්‍ය හා මෙහෙයුම් තොරතුරුවල විශ්වාසනිත්වය සමාලෝචනය කිරීම හා එවැනි තොරතුරු හඳුනා ගැනීමට, ගණනය කිරීමට, විස්තර කිරීමට හා වාර්තා කිරීමට, යොදාගත් මූලාශ්‍ර අධ්‍යයනය කිරීම.
  • ප්‍රතිපත්ති, සැලසුම්, ක්‍රියා පටිපාටි, නීති හා ව්‍යවස්ථාවල අනුකුලතාවය ඇගයීම.
  • අධිකාරියේ සම්පත්වල ඵලදායි හා කාර්යක්ෂම භාවිතය සහතික කිරීමට ඇති ක්‍රියාවලි අධ්‍යයනය.
  • වත්කම් හා ආරක්ෂාවට ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයීම හා අවශ්‍ය අවස්ථාවල සම්පත්වල පිහිටීම නිශ්චය කිරීම.
  • ප්‍රතිපල තීරණය කරන ලද ඉලක්ක හා අරමුණු සමඟ අනුකූල වේද යන්න හා මෙහෙයුම්/වැඩසටහන් සමාලෝචනය කිරීම.
  • සේවකයන්ගේ වංකබව හා සොරකම් සම්බන්ධ විමර්ශන වලට සහය වීම.
  • වගවීම, අභ්‍යන්තර පාලනය සම්බන්ධව මානව සම්පත් අංශයට පුහුණුවක් ලබා දීම.
යාවත්කාලීනය : 02-05-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.