A raid was conducted, as per a complaint received by the Investigation officers of the Consumer Affairs Authority, regarding issuing of re-packed expired cement stock....
With the purpose of building a society which is well consisted with consumer rights responsibilities consumer affairs information division of consumer...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත 2003 ජනවාරි මස 09 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවා ඇත්තේ මේ පනත යටතේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළඳ වාණිජ පාරිභෝගික කටයුතු හා අලෙවි ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත වුවකි. මෙම පනත සම්මත වීමත් සමඟම පහත සඳහන් පනත් අහෝසි විය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත බලාත්මක වීමත් සමඟ පැවති සමහර නීති ඉවත්වූ අතර සමහර නීති අලුතින් එකතු විය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත නිර්මාණය කිරීමේ මුලික අභිප්‍රාය වුයේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමය. වර්තමානයේ පවතින ආර්ථික තත්වයන් හා වෙළඳ ක්‍රියාකාරකම් හමුවේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහතික කිරීම අධිකාරියේ මුලික ඉලක්කය වේ. අසාධාරණයට ලක් වන පාරිභෝගිකයන් පමණක් නොව වෙළෙදුන්ගේද අයිතිවාසිකම් රැක ගැනීම සඳහා අධිකාරිය මැදිහත් වේ. පනත මඟින් භාණ්ඩ හා සේවා යන අංශ දෙකම පිළිබඳව ක්‍රියා කිරීමේ බලතල අධිකාරිය වෙත පවරා ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ පහත සදහන් කොටස් අන්තර්ගත වේ.