A raid was conducted, as per a complaint received by the Investigation officers of the Consumer Affairs Authority, regarding issuing of re-packed expired cement stock....
With the purpose of building a society which is well consisted with consumer rights responsibilities consumer affairs information division of consumer...
10 වන වගන්තිය යටතේ නිකුත් කළ විධාන
භාණ්ඩ කිසිවක් ලේබල් කිරීම, මිල ලකුණු කිරීම, ඇසුරුම් කිරීම, විකිණීම හා නිෂ්පාදනය සම්බන්ධයෙන් සාමාන්‍ය විධාන නිකුත් කළ හැකිය.
තවදුරටත් ඒ භාණ්ඩ විකුණනු ලැබිය හැකි වේලාවන් හා එසේ විකිණිය හැකි ස්ථාන සහ භාණ්ඩ කිසිවක් සෑදීම, ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම හා රැස් කිරීම පිළිබඳ වෙනත් යම් කොන්දේසි නිශ්චිතව සඳහන් කෙරෙන විශේෂ විධාන යම් පන්තියකට අයත් සාදන්නන් හෝ වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලැබිය හැකිය.
අධිකාරිය විසින් නිකුත් කරනු ලබන සෑම විධානයක්ම, ගැසට් පත්‍රයේ සහ යටත් පිරිසයින් එක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රයක පළ කරනු ලැබිය යුතුය.
මේ වන විට අධිකාරිය විසින් පනතේ 10 වන වගන්තිය යටතේ නිකුත් කළ විධාන පහත දැක්වේ.
12 වන වගන්තිය යටතේ නිකුත් කළ විධාන
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ හා විකුණනු ලබන භාණ්ඩ හෝ සපයනු ලබන සේවාවල තත්වය සහතික කිරීම සඳහා ප්‍රවාහනය කිරීම සහ විකිණීම සහ යම් යම් සේවා සැපයීමට අදාළ ප්‍රමිති සහ පිරිවිතර ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මඟින් කලින් නිශ්චය කළ හැකිය. අධිකාරිය, පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සහ භාණ්ඩවල තත්වය සහතික කිරීම පිණිස ප්‍රමිති සහ පිරිවිතර යොදාගෙන ඇත.