SinhalaSriLankaTamilSriLanka

Latest News

අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්වූවන් සදහා සහන

අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්වූවන් සදහා සහන දීමට පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙයි.

දිවයින තුල මේ වන විට උද්ගතව ඇති ආපදා තත්වය පිළිබදව සලකා බැලූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වත්මන් සභාපති හසිත තිලකරත්න මහතා අවතැන්වූ ජනතාව වෙනුවෙන් සහන ලබා දීමේ විශේෂ වැඩ පිළිවෙලක් ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි දියත් කර ඇත.මේ සම්බන්ධයෙන් දිවයිනේ සුපිරි වෙළදසැල් ජාලයේ කලමනාකාරිත්වය සමග 2016 මැයි මස 19 වන දින විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද මෙම වැඩ පිළිවෙල සදහා අදාල සමාගම් සිය එකගකාවය පල කර ඇත.

එසේම පාරිභෝගික අධිකාරියෙහි නිළධාරින්ගේ සහභාගිත්යෙන් මැයි මස 20 වන දින ගම්පහ මාකේවිට ප්‍රදේශයේ  ගංවතුරින් අවතැන්වු දහසකට ආහාර බෙදා දීමක් ඊයේ එනම් 24 වන අගහරාවාදා ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික අධිකාරියේ සුබසාධක  සංගමයේ මෙහෙයවීමෙන් ප්‍රධාන කාර්යාලයේ නිළධාරින් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් කොටිකාවත්ත ප්‍රෙද්ශයෙහි පවුල් 800කට දිවා ආහාර ,වියලි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍යන් සපයන ලදි.

සභාපති හසිත තිලකරත්න මහතාගේ මගපෙන්වීම යටතේ පාරිභෝගික අධිකාරියේ සුබසාධක සංගමයේ මෙහෙයවීමෙන් එහි සේවක මණ්ඩලයේ සියලු දෙනා සිය දිනක වැටුප මෙම සද්කාර්්‍යය සදහා  පරිත්‍යාග කර ඇති බවද වැඩිදුරටත් දන්වා සිටිමු.

 

 

Last Update: 20-03-2024
Copyright © 2024 Consumer Affairs Authority. All Rights Reserved.
Developed by Pooranee Inspirations.