English (UK)TamilSriLanka

නැවුම් පුවත්

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය එදිරිව නිව් සන් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ්

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය එදිරිව නිව් සන් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ්


මෙම නඩුව පවරන ලද්දේ නිව් සන් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන් මිලදී ගෙන තිබු (Dell Lap-top) පරිගණකයක් වගකීම් කාලය තුල දෝෂ සහිත වීම සම්බන්ධයෙන්  පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලැබුණු පාරිභෝගික පැමිණිල්ලක් මතය.
එම පැමිණිල්ලට අදාලව දෙපාර්ශ්වය කැදවා පනතේ 13(1) වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පරික්ෂණයක් පවත්වන ලදි. එහිදී අනාවරණය වූ කරුණු අනුව දෝෂ සහගත වු ලැප් ටොප් පරිගණකය මිලදී ගැනීමට පාරිභෝගිකයා වැය කල මුදල ආපසු ලබා දිය යුතු බවට  පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතේ 13(4) වගන්තිය ප්‍රකාරව වග උත්තරකාර ආයතනය වෙත අධිකාරිය විසින් නියමයක් නිකුත් කරන ලදි.
වගඋත්තරකාර ආයතනය එකී නියමය පරිදි කටයුතු කිරීම පැහැර හැරීම හේතු කොට ගෙන පාරිභෝගික අධිකාරිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ එකී නියමය ක්‍රියාත්මක කරවා ගැනීම සදහා පනතේ 13(6) වගන්තිය ප්‍රකාරව ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි. එම නඩුව 2016.05.05 දින ගරු අධිකරණය ඉදිරියේ කැදවන ලද අවස්ථාවේදි වගඋත්තරකාර ආයතනය විසින් අදාළ රු.79,000/- ක මුදල අගතියට පත් පාර්ශ්ව වෙත ගෙවන ලද අතර, අගතියට පත් පාර්ශ්වය විසින් දෝෂ සහගත ලැප් ටොප් පරිගණක යන්ත්‍රය වගඋත්තරකාර ආයතනය වෙත ආපසු භාර දෙන ලදි.
 

යාවත්කාලීනය : 25-04-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.