English (UK)TamilSriLanka

නැවුම් පුවත්

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය එරෙහිව එස් ජේ කම්පියුටර් ආයතනය.

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය එරෙහිව එස් ජේ කම්පියුටර් ආයතනය.

මෙම නඩුව පවරා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිළධාරින් විසින් සිදු කරන ලද වැටලීමකට අනුවය. ඔවුන් විසින් 2012.04.29 වන දින අනුරාධපුර නගරයේ වැටලීමක් සිදු කරන ලදි. එහිදී එස්.ජේ කම්පියුටර් ආයතනය වෙත ගොස් රු.450.00 ක මුදලක් වැය කොට පරිගණක මවුසයක් (optical wheel mouse)මිලදී ගෙන ඇති අතර ලබාදී ඇති බිල්පතෙහි වගකීම් කාලය සදහන් කරන කොටස ද පෑන් ඉරකින් කපා දමා ඇත.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතේ 10(1) වගන්තිය යටතේ කටයුතු කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් 1726/16 හා 2011 ඔක්තෝබර් මස 04 දින දරන ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රකාශයට පත් කරන ලද විධාන අංක 37 අනුව සියලු විදුලි සහ/හෝ ඉලෙක්ට්‍රොනිකභාණ්ඩ/උපකරණ/උපාංග සදහා අවම වශයෙන් මාස 06ක ට නොඅඩු කාලයක් බලපැවැත්වෙන පරිදි ප්‍රතිඥාභාරයක් (වගකීම් කාලයක්) ලබා දිය යුතු බවට අදාල සියලු විදුලි සහ/හෝ ඉලෙක්ට්‍රොනික  භාණ්ඩ /උපකරණ/උපාංග සාදන්නන්/වෙළෙන්දන්/ආනයනකරුවන්/සපයන්නන් වෙත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් විධාන කර ඇත.

එසේ තිබියදී අදාළ වෙ‍ළෙන්දා වගකීම් කාලයක් ලබා දීමෙන් තොරව පරිගණක මවුසයක් විකිණීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් ඔහුට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනු කරන ලදි. පැමිණිල්ලේ සාක්ෂි සදහා පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් සාක්ෂිකරුවන් දෙදෙනකු ගරු අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙන ලද අතර විත්තිකාර පාර්ශවය වෙනුවෙන් විත්තිකරු සාක්ෂි දෙන ලදි. එම සාක්ෂි සලකා බැලු අධිකරණය පැමිනිල්ල  විසින් ,සාධාරණ සැකයෙන් තොරව විත්තිකරු මාස 06ක වගකීම් කාලයක් ලබා දීමෙන් තොරව පරිගණක මවුසයක් විකුණා ඇති බව තීරණය කොට විත්තිකරු වැරදිකරු බවට තීරණය කරන කරන ලදි. ඒ අනුව විත්තිකරු විසින් රු.3000/- ක දඩ මුදලක් ගෙවිය යුතු බවට ගරු අධිකරණය විසින් නියෝග කරන ලදි.

යාවත්කාලීනය : 29-04-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.