English (UK)SinhalaSriLanka

சமீபத்திய செய்திகள்

හෙල්බොඩ මහේස්ත්‍රාත් අධිකරණයපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියඑරෙහිවමොහොමඩ් තාහා මොහොමඩ් ජලීල්

හෙල්බොඩ මහේස්ත්‍රාත් අධිකරණය
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
එරෙහිව
මොහොමඩ් තාහා මොහොමඩ් ජලීල්

මෙම නඩුව පවරා ඇත්තේ නුවර එළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ෂන නිළධාරින් විසින් සිදු කරන ලද වැටලීමකට අනුවය. ඔවුන් විසින් මෙම වෙළඳසැලට ගොස් ගොඩනැඟිලි ද්‍රව්‍ය මිලදී ගන්නා ලද අවස්ථාවේ දී ඊට අදාල බිල්පතක් ඉල්ලා සිටියදී වෙළෙන්දා විසින් බිල්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 28 වන වගන්තිය යටතේ කියවිය යුතු 60(5) අ වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවට වෙළඳසැලේ අයිතිකරුට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නඩුව ගොනු කර ඇත.
පැමිණිල්ලේ සාක්ෂි සදහා පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් සාක්ෂිකරුවන් තිදෙනෙක් ගරු අධිකරණය ඉදිරියේ  සාක්ෂි ලබා දෙන ලද අතර විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙක් සාක්ෂි ලබා දෙන ලදි. එම සාක්ෂි සලකා බැලු ගරු අධිකරණය පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව මෙම චෝදනාව ඔප්පු වී ඇති බවට තීරණය කරන ලද අතර ඒ අනුව විත්තිකරු විසින් රු. 10,000/- ක දඩ මුදලක් ගෙවිය යුතු බවට ගරු අධිකරණය විසින් නියෝග කරන ලදි.

 

புதுப்பிக்கப்பட்டது: 29-04-2024
காப்புரிமை © 2024 பாவனையாளர் அலுவல்கள் அதிகாரசபை. முழுப் பதிப்புரிமை உடையது.
வடிவமைப்பு: Pooranee Inspirations.