English (UK)SinhalaSriLanka

சமீபத்திய செய்திகள்

බලපිටිය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එරෙහිව එස් එච් වෙළඳසැල

මෙම නඩුව පවරා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ෂන නිළධාරින් විසින් සිදු කරන ලද වැටලීමකට අනුවය.
ඔවුන් විසින් 2011.03.29 වන දින අම්බලන්ගොඩ නගරයේ වැටලීමක් සිදු කරන ලදි. එහිදී එස් එච් වෙළඳසැල වෙත ගොස් කල් ඉකුත් වූ හරිස්චන්ද්‍ර කුරක්කන් සහිත ග්රෑම් 400 බැගින් බර නූඩ්ල්ස් පැකට් 5ක් වෙළඳසැලෙහි විකිණීමට ඉදිරිපත් කිරීමේ වරදක් අනාවරණය කර ගන්නා ලදි. එය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 30 සහ /හෝ 31 (ආ) වගන්තිය සමග කියවිය යුතු 60 (5) අ වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර කල් ඉකුත් වූ නූඩ්ල්ස් පැකට් 5ක් අලුත් ඒවා බව අසත්‍ය ලෙස පාරිභෝගිකයන්ට විකිණීම සදහා ඉදිරිපත් කර ඇති බවට කීරණය කොට විත්තිකරු වරදකරු බවට තීරණය කරන ලදි.
ඒ අනුව විත්තිකරු විසින් රු. 3,000 ක දඩ මුදලක් ගෙවිය යුතු බවට ගරු අධිකරණය විසින් නියෝග කරන ලදි. කෙසේ වුවද මෙම තීන්දුවට එරෙහිව බලපිටිය මහාධිකරණයට විත්තිකරු විසින් කරන ලද අභියාචනය තවමත් අවසන් වී නොමැත.

 

 

புதுப்பிக்கப்பட்டது: 25-04-2024
காப்புரிமை © 2024 பாவனையாளர் அலுவல்கள் அதிகாரசபை. முழுப் பதிப்புரிமை உடையது.
வடிவமைப்பு: Pooranee Inspirations.