SinhalaSriLankaTamilSriLanka

Canned Fish (425g) (Rs.176.5) 0     Chicken with Skin (Rs.446.5) 0     Coconut (Rs.73.5) 0     Dhal (Rs.130) 0     Green Gram (Rs.220) 0     Nadu (Rs.73.5) 0     Potatoes Local (Rs.146.5) 0     Raw Red (Rs.86.5) 0     Raw White (Rs.86.5) 0     Samba (Rs.108.5) 0     Sugar White (Rs.101.5) 0    

Latest News

24
Jul2019

V 2025 Enterprise Sri Lanka

CAA Information Awareness Stall at “V 2025 Enterprise Sri Lanka” Exhibition Organized by...

15
Jul2019

TRAINING OF TRAINERS

Consumer Affairs Authority conducted training program of “TRAINING OF TRAINERS” held on 8th July 2019...

«
»

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයින් සම්බන්ධවයි

පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක වෙලදසල්වලට පැමිණි අනන්‍යතාවය නොදන්නා පුද්ගලයින් ඔවුන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිලධාරීන් බව ප්‍රකාශකරමින් වෙළදසැල් පරික්ෂාකිරීම් සිදුකර බියගන්වා මුදල් ඉල්ලා සිටි බවට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇත.

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් පමණක් වෙළදපොල වැටලීම සහ විමර්ශන සිදුකරනු ලබන අතර , ඔවුන් සතුව ඇති රාජකාරි හැදුනුම්පත ඉදිරිපත්කිරිමෙන් පසුව  තම අනන්‍යතාවය හෙළිකර රාජකාරි කටයුතු සිදුකරනු ලබයි . එමෙන්ම එම රාජකාරි සිදුකිරීම සදහා එම නිලධාරීන් වෙත  බලය පැවරීමක් ලබා දී ඇත. තවද රාජකාරි කටයුතුවලින් පසුව එම රාජකාරියට අදාලව  අධිකාරියේ දුරකථන අංක සහ ලිපිනය සහිත ලිඛිත සටහනක් වෙළදසල වෙත නිලධාරීන් විසින් නිකුත්කරනු  ලබයි .  පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් සිදුකරනු ලබන රාජකාරි කටයුතුවලදී ඔබට යම් සැකයක් හෝ ගැටළුවක් ඇති වුවහොත් එම අවස්ථාවේදීම ඔවුන් සම්බන්ධව විමසීමක් සිදුකර එම තොරතුරු සනාථ කරගැනීමට කටයුතුකරන ලෙස අධිකාරිය විසින්  වෙළද ප්‍රජාවගෙන්  ඉල්ලා සිටී .

එමෙන්ම 0771088922 දුරකථන අංකය මගින් ඔබ වෙළදසැල වෙත පැමිණෙන අය සම්බන්ධව  තහවුරු කරගැනීම‍ට  හැකි අතර එහිදී වෙනත් පුද්ගලයින් ඔබ වෙළදසැල වෙත පැමිණ ඇති බවට සැකයක් මතුවුවහොත්  ඉහත අංකය හෝ  0771088921 දුරකථන අංකය වෙත එම තොරතුරු ලබාදිය හැක. තවද වෙළද ප්‍රජාව / ව්‍යාපාරිකයින් හා ව්‍යාපාරික ප්‍රජාව, කිසිදු හේතුවක් මත හෝ  එම අවස්ථාවලදී කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා නොදෙන ලෙසත් එවැනි වංචනික පුද්ගලයින්  සහ හෝ ක්‍රියාවන් පිලිබදව ලගම ඇති පොලිස් ස්ථානය සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි කාර්යාලය දැනුවත් කරන ලෙසත් සියළුම ව්‍යාපාරිකයින්ගෙන්  අධිකාරිය  ඉල්ලා සිටී .

ව්‍යාපාරික සංගම් මගින්  තම සාමාජිකයන්, නගරයේ සහ වෙනත් ප්‍රදේශවල සිටින ව්‍යාපාරිකයින් ද මේ සම්බන්දව දැනුවත් කරන ලෙසත් මෙවැනි ව්‍යාජ ලෙස පෙනීසිටින පුද්ගලයින් පිලිබදව  විමසිලිමත් වන ලෙසත් තවදුරටත් දැනුම් දේ.

මේ සම්බන්දව ව්‍යාපාරික ඔබට තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍යනම් ඔබගේ අනන්‍යතාවය  හෙළිකර  ඉහත දුරකථන අංක මගින් විමසීම් කරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටි.

සභාපති

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය

Last Update: 26-07-2019
Copyright © 2019 Consumer Affairs Authority. All Rights Reserved.
Developed by Pooranee Inspirations.