පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ ස්ථාපිත කොට ඇති වැදගත් අංශයකි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතෙහි 39 වන වගන්තියට අනුව, වාණිජ, නීති ක්ෂේත්‍රය, ව්‍යාපාරික ව්‍යවසාය කළමනාකරණය, වෙළෙඳ පිළිවෙත් හා පාරිභෝගික කටයුතුවල පුළුල් පලපුරුද්දක් ඇති ශාස්ත්‍රඥයන් තිදෙනෙකුගෙන් සමන්විත වන පරිදි ගරු අමාත්‍යතුමා විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව පිහිටුවිය යුතුය.
සභාවේ ලේකම්වරයෙකු පත් කරනු ලැබිය යුතු අතර, ඔහු සභාවේ සියලු කටයුතුවල වාර්තා තබා ගැනීමද, සභාව විසින් යැවිය යුතු යැයි මේ පනත යටතේ නියම කරනු ලැබ ඇති යම් දැන්වීම් යැවීමද සම්බන්ධයෙන් වගකීම දරන්නේය.
මේ පනත යටතේ සභාව වෙත යොමු කරනු ලබන සියලු ඉල්ලීම් හා යොමු කිරීම් අසා නිශ්චය කිරීම සභාවේ කර්තව්‍යය විය යුතුය.
1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂණ පනත සහ 1987 අංක 1 දරන සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත සහ 1950 මිල පාලන පනත (173 වන අධිකාරය වූ) අහෝසි කරමින් 2003 අංක 9 දරන පාරිභෝගික පිළිබඳ කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවන ලදී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිවරයෙකුගෙන් සහ කර්මාන්ත, නීතිය, ආර්ථීක විද්‍යාව, වානිජ්‍ය, පරිපාලනය, ගිණුම්කරණය, විද්‍යාව හෝ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර නියෝජනය කරන ඒ සම්බන්ධව පළපුරුද්දක් ඇති සාමාජිකයින් දහ දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත වේ. එමෙන්ම සභාපතිවරයාට අමතරව වෙනත් සාමාජිකයින් තිදෙනෙකු පූර්ණ කාලීන සාමාජිකයින් ලෙස පත් කළ හැකියි. අධ්‍යක්ෂ ජනරාල්වරයා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන අතර, අධිකාරියේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරයි.