English (UK)TamilSriLanka

නැවුම් පුවත්

23
Nov2022

CAA Staff Training - RTI

The CAA Staff have been given training on the Right to Information by Ms.Pubudika S. Bandara  

«
»

P.C.R. හා ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිල

කොරෝනා වෛරසය ආසාධිත වී ඇතිද යන්න පරීක්ෂාකර ගැනීම සඳහා පාරිභෝගික ජනතාව පෞද්ගලික රෝහල් වෙත ගොස් සිය පරීක්ෂණ කටයුතු සිදුකරගැනීමේදී අයකරන මිලගණන් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා සෞඛ්ය අමාත්යංශය වෙත පැමිණිලි රාශියක් ලැබී ඇත. ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා සෞඛ්ය අමාත්යංශය පෞද්ගලික රෝහල් වල මෙම පරීක්ෂණය වෙනුවෙන් දිස්ත්රික්ක 25 ක පෞද්ගලික රෝහල් 45 ක විමර්ශණය කිරීමේදී ලැබුණ තොරතුරු අනුව,
P.C.R. පරීක්ෂණයක් සඳහා අවම මිල රු. 5550 සිට උපරිම මිල රු. 9550 දක්වා ද,
ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අවම මිල රු. 2000 සිට උපරිම මිල රු. 5550 දක්වා ද,
පරාසයක පවතින බව අනාවරණය විය.
ඒ අනුව මෙයට විසඳුමක් ලෙස සෞඛ්ය අමාත්යංශය විසින් අද (2021.08.11) දින අයකල යුතු මිලගණන් පිළිබඳව නිර්දේශ වාර්ථාව සෞඛ්ය අමාත්ය ගරු පවිත්රා වන්නිආරච්චි මැතිනිය විසින් මා වෙත භාරදෙන ලදි.
ඒ අනුව P.C.R. පරීක්ෂණයක් සඳහා උපරිම මිල රු. 6500 ක් ද , ඇන්ටිජන් පරීක්ෂණයක් වෙනුවෙන් උපරිම මිල රු . 2000 ක් ද ලෙස නිර්දේශ කර ඇත. එම නිර්දේශ අනුව පාරිභෝගික අධිකාරිය විසින් මේ පිළිබඳ ගැසට් නිවේදනය පල කිරීමට කටයුතු කරනු ඇත.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්න අලගියවන්න තුමා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගරු සභාපතිතුමාද සහභාගී විය.
යාවත්කාලීනය : 17-03-2023
කතුහිමිකම © 2023 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.