A raid was conducted, as per a complaint received by the Investigation officers of the Consumer Affairs Authority, regarding issuing of re-packed expired cement stock....
With the purpose of building a society which is well consisted with consumer rights responsibilities consumer affairs information division of consumer...
පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක වෙලදසල්වලට පැමිණි අනන්‍යතාවය නොදන්නා පුද්ගලයින් ඔවුන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිලධාරීන් බව ප්‍රකාශකරමින් වෙළදසැල් පරික්ෂාකිරීම් සිදුකර බියගන්වා මුදල් ඉල්ලා සිටි බවට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇත.
පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් පමණක් වෙළදපොල වැටලීම සහ විමර්ශන සිදුකරනු ලබන අතර , ඔවුන් සතුව ඇති රාජකාරි හැදුනුම්පත ඉදිරිපත්කිරිමෙන් පසුව තම අනන්‍යතාවය හෙළිකර රාජකාරි කටයුතු සිදුකරනු ලබයි . එමෙන්ම එම රාජකාරි සිදුකිරීම සදහා එම නිලධාරීන් වෙත බලය පැවරීමක් ලබා දී ඇත. තවද රාජකාරි කටයුතුවලින් පසුව එම රාජකාරියට අදාලව අධිකාරියේ දුරකථන අංක සහ ලිපිනය සහිත ලිඛිත සටහනක් වෙළදසල වෙත නිලධාරීන් විසින් නිකුත්කරනු ලබයි . පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් සිදුකරනු ලබන රාජකාරි කටයුතුවලදී ඔබට යම් සැකයක් හෝ ගැටළුවක් ඇති වුවහොත් එම අවස්ථාවේදීම ඔවුන් සම්බන්ධව විමසීමක් සිදුකර එම තොරතුරු සනාථ කරගැනීමට කටයුතුකරන ලෙස අධිකාරිය විසින් වෙළද ප්‍රජාවගෙන් ඉල්ලා සිටී .
එමෙන්ම 0771088922 දුරකථන අංකය මගින් ඔබ වෙළදසැල වෙත පැමිණෙන අය සම්බන්ධව තහවුරු කරගැනීමට හැකි අතර එහිදී වෙනත් පුද්ගලයින් ඔබ වෙළදසැල වෙත පැමිණ ඇති බවට සැකයක් මතුවුවහොත් ඉහත අංකය හෝ 0771088921 දුරකථන අංකය වෙත එම තොරතුරු ලබාදිය හැක. තවද වෙළද ප්‍රජාව / ව්‍යාපාරිකයින් හා ව්‍යාපාරික ප්‍රජාව, කිසිදු හේතුවක් මත හෝ එම අවස්ථාවලදී කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා නොදෙන ලෙසත් එවැනි වංචනික පුද්ගලයින් සහ හෝ ක්‍රියාවන් පිලිබදව ලගම ඇති පොලිස් ස්ථානය සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි කාර්යාලය දැනුවත් කරන ලෙසත් සියළුම ව්‍යාපාරිකයින්ගෙන් අධිකාරිය ඉල්ලා සිටී .
ව්‍යාපාරික සංගම් මගින් තම සාමාජිකයන්, නගරයේ සහ වෙනත් ප්‍රදේශවල සිටින ව්‍යාපාරිකයින් ද මේ සම්බන්දව දැනුවත් කරන ලෙසත් මෙවැනි ව්‍යාජ ලෙස පෙනීසිටින පුද්ගලයින් පිලිබදව විමසිලිමත් වන ලෙසත් තවදුරටත් දැනුම් දේ.
මේ සම්බන්දව ව්‍යාපාරික ඔබට තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍යනම් ඔබගේ අනන්‍යතාවය හෙළිකර ඉහත දුරකථන අංක මගින් විමසීම් කරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටි.
සභාපති
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය