SinhalaSriLankaTamilSriLanka

Latest News

Media Announcement 1

P.C.R. හා ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිල

කොරෝනා වෛරසය ආසාධිත වී ඇතිද යන්න පරීක්ෂාකර ගැනීම සඳහා පාරිභෝගික ජනතාව පෞද්ගලික රෝහල් වෙත ගොස් සිය පරීක්ෂණ කටයුතු සිදුකරගැනීමේදී අයකරන මිලගණන් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා සෞඛ්ය අමාත්යංශය වෙත පැමිණිලි රාශියක් ලැබී ඇත. ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා සෞඛ්ය අමාත්යංශය පෞද්ගලික රෝහල් වල මෙම පරීක්ෂණය වෙනුවෙන් දිස්ත්රික්ක 25 ක පෞද්ගලික රෝහල් 45 ක විමර්ශණය කිරීමේදී ලැබුණ තොරතුරු අනුව,
P.C.R. පරීක්ෂණයක් සඳහා අවම මිල රු. 5550 සිට උපරිම මිල රු. 9550 දක්වා ද,
ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අවම මිල රු. 2000 සිට උපරිම මිල රු. 5550 දක්වා ද,
පරාසයක පවතින බව අනාවරණය විය.
ඒ අනුව මෙයට විසඳුමක් ලෙස සෞඛ්ය අමාත්යංශය විසින් අද (2021.08.11) දින අයකල යුතු මිලගණන් පිළිබඳව නිර්දේශ වාර්ථාව සෞඛ්ය අමාත්ය ගරු පවිත්රා වන්නිආරච්චි මැතිනිය විසින් මා වෙත භාරදෙන ලදි.
ඒ අනුව P.C.R. පරීක්ෂණයක් සඳහා උපරිම මිල රු. 6500 ක් ද , ඇන්ටිජන් පරීක්ෂණයක් වෙනුවෙන් උපරිම මිල රු . 2000 ක් ද ලෙස නිර්දේශ කර ඇත. එම නිර්දේශ අනුව පාරිභෝගික අධිකාරිය විසින් මේ පිළිබඳ ගැසට් නිවේදනය පල කිරීමට කටයුතු කරනු ඇත.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්න අලගියවන්න තුමා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගරු සභාපතිතුමාද සහභාගී විය.

Antigen Test & PCR Test සම්බන්ධ පිරිවැය වූහයන් පිළිබඳව අද (08.04) දින පැවති සාකච්ඡාව.

Antigen Test & PCR Test සම්බන්ධ පිරිවැය විහූයන් පිළිබඳව අද (08.04) දින පැවති සාකච්ඡාව.

දැනට දිවයිනේ තිබෙන පෞද්ගලික රෝහල් විසින් විවිධ මිළගණන් යටතේ ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සිදුකරනු ලබන බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ ආයතන අප අමාත්යාංශය වෙත කැඳවා රැස්වීමක් පවත්වා දැනට අයකරනු ලබන ගාස්තුවල ඒකීයත්වයක් මෙන්ම එම පරීක්ෂණ ගුණාත්මකව හා ඒ සඳහා ගෙවන ගාස්තු අඩුකර ගැනීම අරමුණු කරගෙන රැස්වීමක් පවත්වන ලද අතර දැනට අයකරන ගාස්තු ඉතා අධිකවන බැවින් PCR සඳහා රු.6,000/- කටත්, ඇන්ටිජන් පරික්ෂාව සඳහා රු.1,750/- කටත් අඩුකර ගැනීමට එම ආයතනවලට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදෙන ලදී.
තවද එම ආයතනවල පිරිවැය ව්යුහයන් පිළිබඳ තොරතුරු පාරිභෝගික අධිකාරිය වෙත ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ලදි. මේ සඳහා පහත සඳහන් ආයතන සහභාගි විය.
1. සෞඛ්ය අමාත්යාංශය
2. ශ්රී ජයවර්ධනපුර රෝහල් පශ්චාත් වෛද්ය මධ්යස්ථානය
3. පෞද්ගලික සෞඛ්ය සේවා නියාමන සභාව
4. පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාසවල සංගමය
ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවල පාලනාධිකාරිය දැනුවත් කර ඉදිරියේදී කටයුතු කිරීමට ක්රියාකරන බව පැමිණ සිටි ආයතන දැනුම් දෙන ලදි.
මෙම අවස්ථාව සඳහා ගරු ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමා, අමාත්යාංශ ලේකම්තුමා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගරු සභාපතිතුමා ඇතුලු නිලධාරීන් සහභාගී විය.
 
 
 
 

ටයිල් මිල සීඝ්‍ර ඉහළයාමකට ලක් වී ඇති බැවින් (08.06) දින ඒ පිළිබඳව පැවති සාකච්ඡාව.

මේ දිනවල වෙළෙඳපොළේ ටයිල් මිල සීඝ්‍ර ඉහළයාමකට ලක් වී ඇති බැවින් දේශීය ටයිල් නිෂ්පාදකයින් සමග (08.06) දින ඒ පිළිබඳව පැවති සාකච්ඡාව.

ඒ අනුව Mack Tiles, Lanka Tiles, Rocell යන ටයිල් නිෂ්පාදන සමාගම් වල නියෝජිතයින් කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. එම සමාගම්වල අදහස වූයේ සමාගම් විසින් ටයිල් මිල වැඩිකල නොමැති බවත් එම සමාගම් වලින් මිලදී ගන්නා අලෙවි නියෝජිතයින් සහ වෙළෙඳසැල් තම අභිමතය පරිදි මිල ගණන් වලට අලෙවි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවය. ඒ අනුව ලබන මස පළමුවනදා(2021.09.01) සිට එකඟවන ලද මිල අදාල ටයිල් බහාලුමේ සලකුණු කිරීමට තීරණය විය.

මෙම අවස්ථාව සඳහා ගරු ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුලු නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමා ඇතුලු නිලධාරීන් සහ දේශීය ටයිල් නිෂ්පාදකයින් සහභාගී විය.

 

Warehouses Registration

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරියේ පනතේ, 10 (1) (ආ) (ආ) වගන්තිය මගින් පවරා ඇති බලතල යටතේ 2021 ජුනි 11 දිනැති ගැසට් නිවේදන අංක 2231/23, 2231/24 සහ 2231/25 හි ප්‍රකාශයට පත් කරන ලද විශේෂ නියෝග අංක 79, 80 සහ 81 ට අදාළ වන ගබඩා, ගුදම්, සයිලෝ , බහාලුම් හා ගබඩාකිරීම සඳහා භාවිතා කරන අනෙකුත් ස්ථාන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය.

Warehouse, Stores, Silos, Containers & Any other places of storing, Registration Application Format complying the Special Direction No. 79, 80 and 81, published in the Gazette Notification No 2231/23, 2231/24 & 2231/25, dated 11th June 2021, under the powers vested by Section 10(1)(b)(ii) of the Consumer Affairs Authority Act No. 09 of 2003.

 2003 ஆம் ஆண்டின் 9 ஆம் இலக்க பாவனையாளர் அலுவல்கள் அதிகாரசபைச் சட்டத்தின் பிரிவு 10(1) (ஆ)(II) இன் கீழ் உரித்தளிக்கப்பட்ட அதிகாரங்களின் கீழ் 2021 யூன் 11 திகதியிடப்பட்ட வர்த்தமானி இலக்கங்கள் 2231/23, 2231/24 மற்றும் 2231/25  இல் பிரசுரிக்கப்பட்ட விசேட பணிப்புரை இலக்கங்கள் 79,80 மற்றும் 81ற்கு அமைவாக பண்டகசாலைகள், சைலோக்கள்,களஞ்சிங்கள், கொல்களன்கள் மற்றும் களஞ்சியப்படுத்துவதற்கு பயன்படுத்தப்படும் வேறு இடங்களை  பதிவு செய்வதற்கான விண்ணப்ப படிவம்

For  Registration of New Warehouse -  Click here

For Updation of Current Stock - Click here

Application form demoWarehouses Registration / ගබඩා ලියාපදිංචිය / கிடங்குகள் பதிவு

Last Update: 10-04-2024
Copyright © 2024 Consumer Affairs Authority. All Rights Reserved.
Developed by Pooranee Inspirations.