English (UK)TamilSriLanka

නැවුම් පුවත්

Inauguration Ceremony of the English course

 Inauguration Ceremony of the English course which is organized by the Consumer Affairs Authority in order to improve the Language skills of the staff members. 

Participants

Mr. Hasitha Tillekeratne – Chairman, Mr.M.S.M.Fouzer – Executive Director, Mr. AKDDD Arandara - Director General, Mr. Sampath Agulugaha - Director HR & Admin. English Course Coordinators - Department of official languages. 

ගාල්ල මහාධිකරණයේදී නානායක්කාර එන්ටර්ප්‍රයිසස් ආයතනයට එරෙහිව පවත්වන ලද නඩුවේ සාරාංශය

ගාල්ල මහාධිකරණයේදී නානායක්කාර එන්ටර්ප්‍රයිසස් ආයතනයට එරෙහිව පවත්වන ලද නඩුවේ සාරාංශය

මෙම නඩුව පවරන ලද්දේ නානායක්කාර එන්ටර්ප්‍රයිසස් ආයතනය මගින් ගෙන්වා විකුණන ලද විදුලි බයිසිකලයක් වගකීම් කාලය තුල දෝෂ සහගත විම සම්බන්ධයෙන් පාරිභෝගික කටුයතු පිළිබද අධිකාරිය වෙත ලැබු පාරිභෝගික පැමිණිල්ලක් පරිදි පනතේ 13(3) වගන්තිය යටතේ පරික්ෂණයක් පවත්වනු ලදුව එම භාණ්ඩය දෝෂ සහගත බැවින් අදාල භාණ්ඩය මිලදී ගැනීමට පාරිභෝගිකයා වැය කල මුදල ආපසු ලබා දිය යුතු බවට පාරිභෝගික අධිකාරිය විසින් අදාල වෙළෙන්දා වෙත නියම කරන ලදි.

අදාල වෙළෙන්දා විසින් එකී නියමය ප්‍රකාරව කටයුතු කිරීම පැහැර හරින ලද බැවින් පනතේ 13(6) වගන්තිය ප්‍රකාරව එම නියමය එලෙසම ක්‍රියාත්මක කරවා ගැනීම සදහා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි.

මෙවන් ඉල්ලීමක් ලඝු ආකාරයෙන් විභාග කිරීම සදහා මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩුවක් පවරන ආකාරයට ඉදිරිපත් කල යුතු බව ප්‍රකාශ කොට මේ සදහා චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත නියෝග කරන ලදි.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් එකී නියෝගයට එරෙහිව ගාල්ල මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන ලදි. එනම්, මෙබදු අවස්ථාවකදී මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ චෝදනා පත්‍රයක් ගොනු කොට එය විභාග කිරීම සදහා ප්‍රතිපාදන නොමැති බවත් මහේස්ත්‍රාත් අධිකරණය විසින් කල යුත්තේ පාරිභෝගික අධිකාරිය විසින් දෙන ලද දෙන ලද නියමය එලෙසම ක්‍රියාත්මක කිරීම පමණක් බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අධිකරණය වෙත කරුණු දක්වන ලදි.

දෙපාර්ශවයේ සැලකිරීම් වලින් අනතුරුව 2015.11.05 දින ගරු ගාල්ල මහාධිකරණය විසින් නියෝග කරන ලද්දේ මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේදි මහේස්ත්‍රාත් අධිකරණයක අධිකරණ බලය විය යුත්තේ අදාල වෙළෙන්දා විසින් පාරිභෝගිකයා වෙතට ගෙවිය යුතු බවට නියම කල මුදල දඩයක ආකාරයෙන් අයකර ගැනීම පමණක් බැවින් උගත් මහේස්ත්‍රාත්වරයා විසින් 2014.03.27 දින ප්‍රකාශ කල නියෝගය නිශ්ප්‍රභා කර ඉවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අගතියට පත් පාර්ශවයට පක්ෂව නිකුත් කරන ලද නියමය එලෙසින් ක්‍රියාත්මක කරවා දෙන ලෙසට උගත් මහේස්ත්‍රාත්වරයා හට නියෝග කරන ලදි.

ඒ අනුව රු.2,500/- ක ගාස්තුවකට යටත්ව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉදිරිපත් කල ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍රයට ඉඩ ලබා දී ඇත.

 

SIO Training Program

Training Program for senior investigation officers on PRODUCTIVITY & EXCELLENCE at Sri Lanka Foundation and Wayamba training Centre on June 22-25,2016.Organized by Consumer Affairs Authority with Sri Lanka Foundation.

Press Conference on GMP Certificate

Press Conference to Aware the people about GMP Certification on June 29,2016 at SLSI Auditorium.

අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්වූවන් සදහා සහන

අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්වූවන් සදහා සහන දීමට පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙයි.

දිවයින තුල මේ වන විට උද්ගතව ඇති ආපදා තත්වය පිළිබදව සලකා බැලූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වත්මන් සභාපති හසිත තිලකරත්න මහතා අවතැන්වූ ජනතාව වෙනුවෙන් සහන ලබා දීමේ විශේෂ වැඩ පිළිවෙලක් ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි දියත් කර ඇත.මේ සම්බන්ධයෙන් දිවයිනේ සුපිරි වෙළදසැල් ජාලයේ කලමනාකාරිත්වය සමග 2016 මැයි මස 19 වන දින විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද මෙම වැඩ පිළිවෙල සදහා අදාල සමාගම් සිය එකගකාවය පල කර ඇත.

එසේම පාරිභෝගික අධිකාරියෙහි නිළධාරින්ගේ සහභාගිත්යෙන් මැයි මස 20 වන දින ගම්පහ මාකේවිට ප්‍රදේශයේ  ගංවතුරින් අවතැන්වු දහසකට ආහාර බෙදා දීමක් ඊයේ එනම් 24 වන අගහරාවාදා ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික අධිකාරියේ සුබසාධක  සංගමයේ මෙහෙයවීමෙන් ප්‍රධාන කාර්යාලයේ නිළධාරින් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් කොටිකාවත්ත ප්‍රෙද්ශයෙහි පවුල් 800කට දිවා ආහාර ,වියලි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍යන් සපයන ලදි.

සභාපති හසිත තිලකරත්න මහතාගේ මගපෙන්වීම යටතේ පාරිභෝගික අධිකාරියේ සුබසාධක සංගමයේ මෙහෙයවීමෙන් එහි සේවක මණ්ඩලයේ සියලු දෙනා සිය දිනක වැටුප මෙම සද්කාර්්‍යය සදහා  පරිත්‍යාග කර ඇති බවද වැඩිදුරටත් දන්වා සිටිමු.

 

 

යාවත්කාලීනය : 13-05-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.