English (UK)TamilSriLanka

නැවුම් පුවත්

අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්වූවන් සදහා සහන

අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්වූවන් සදහා සහන දීමට පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙයි.

දිවයින තුල මේ වන විට උද්ගතව ඇති ආපදා තත්වය පිළිබදව සලකා බැලූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වත්මන් සභාපති හසිත තිලකරත්න මහතා අවතැන්වූ ජනතාව වෙනුවෙන් සහන ලබා දීමේ විශේෂ වැඩ පිළිවෙලක් ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි දියත් කර ඇත.මේ සම්බන්ධයෙන් දිවයිනේ සුපිරි වෙළදසැල් ජාලයේ කලමනාකාරිත්වය සමග 2016 මැයි මස 19 වන දින විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද මෙම වැඩ පිළිවෙල සදහා අදාල සමාගම් සිය එකගකාවය පල කර ඇත.

එසේම පාරිභෝගික අධිකාරියෙහි නිළධාරින්ගේ සහභාගිත්යෙන් මැයි මස 20 වන දින ගම්පහ මාකේවිට ප්‍රදේශයේ  ගංවතුරින් අවතැන්වු දහසකට ආහාර බෙදා දීමක් ඊයේ එනම් 24 වන අගහරාවාදා ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික අධිකාරියේ සුබසාධක  සංගමයේ මෙහෙයවීමෙන් ප්‍රධාන කාර්යාලයේ නිළධාරින් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් කොටිකාවත්ත ප්‍රෙද්ශයෙහි පවුල් 800කට දිවා ආහාර ,වියලි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍යන් සපයන ලදි.

සභාපති හසිත තිලකරත්න මහතාගේ මගපෙන්වීම යටතේ පාරිභෝගික අධිකාරියේ සුබසාධක සංගමයේ මෙහෙයවීමෙන් එහි සේවක මණ්ඩලයේ සියලු දෙනා සිය දිනක වැටුප මෙම සද්කාර්්‍යය සදහා  පරිත්‍යාග කර ඇති බවද වැඩිදුරටත් දන්වා සිටිමු.

 

 

වගකීම් පතෙහි සදහන් කොන්දේසි භාෂාත්‍රයෙන්ම ලබා ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු වෙයි.

වගකීම් පතෙහි සදහන් කොන්දේසි භාෂාත්‍රයෙන්ම ලබා ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු වෙයි.

පාරිභෝගිකයන් මිලදී ගන්නා කල් පවත්නා භාණ්ඩ සම්බන්ධයෙන් බොහෝ විට ඇත්තේ මැසිවිල්ලකි. දිනෙන් දින පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිලි සලකා බැලූ විට ඒවායින් බොහෝමයක් පාරිභෝගිකයින් මිලදී ගන්නා භාණ්ඩ සම්බන්ධ දෝෂය. විශේෂයෙන් විදුලි උපකරණ සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ  සදහා දී ඇති වගකීම් කාලය සම්බන්ධයෙන් අදාල භාණ්ඩ මිලදී ගත් ආයතන වෙත පැමිණිලි කලද ඒවා නොසලකා ඇත.එසේම පාරිභෝගිකයන්ට නිකුත් කරන වගකීම් පතෙන් කියවෙන්නාවු කොන්දේසි තේරුම් ගැනීමට අපහසුය. එයට හේතුව ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් ඒවා මුද්‍රණය වී තිබීමය.
වගකීම්පත්(ප්‍රතිඥාහාර) සම්බන්ධයෙන් දිනෙන් දින පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිලි පිළිබදව විශේෂ අවධානයක් යොමු කල එහි සභාපති හසිත තිලකරත්න මහතා පාරිභෝගිකයාගේ ආරක්ෂාව සදහා මෙවැනි නීතියක් සැකසීම සම්බන්ධයෙන් ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාගේ අවධානයට යොමු කර අනුමැතිය ලබා ගෙන ඇත.
පාරිභෝගිකයාට තොරතුරු දැන ගැනීමේ අයිතිය වඩාත් තහවුරු කරන අවස්ථාවක් ලෙසද මෙම තීරණය පෙන්වා දිය හැක.
ඒ අනුව යමින් පාරිභෝගික අධිකාරියේ හසිත තිලකරත්න මහතාගේ අනුමැතිය යටතේ භාණ්ඩ සදහා නිකුත් කරන වගකීම්පත්(ප්‍රතිඥාහාර)  සහතිකපත්වල අඩංගු සියලු කොන්දේසි සිංහල,දෙමල හා ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම මුද්‍රණය කර පාරිභෝගිකයාට ලබා දිය යුතු බවට අති විශේෂ ගැසට් පත්‍ර අංක 1966$43 යටතේ විධාන කර ඇත. (ගැසට් පත අපගේ වෙබ් අඩවියෙන් භාගත කර ගත හැකිය.)
මෙම විධානය 2017 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

Guarantee Cards in all three Languages

Trilingual Terms and Conditions Mandatory for Guarantee Cards
Hasitha Tillekeratne – Chairman, Consumer Affairs Authority


The Consumer Affairs Authority has made it mandatory to include the terms and conditions in guarantee cards in all three languages for consumer durables from 1st January 2017.  This regulation will be implemented under the Extraordinary Gazette Notice 1966/43.
Chairman of the Consumer Affairs Authority Hasitha Tillekeratne says the public constantly brings to their attention several issues regarding consumer durables. He said this is largely due to the guarantee cards carrying terms and conditions only in English. “After having drawn the attention of the Minister of Industry and Commerce Hon. Rishard Bathiudeen to this matter, he authorized me to implement the regulation,” he added. 
Mr. Tillekeratne said that this can be considered yet another step towards strengthening the consumer’s right to information. He requested the media to create greater public awareness on the new regulation by publicizing it widely.

 

වගකීම් පතෙහි සදහන් කොන්දේසි භාෂාත්‍රයෙන්ම ලබා ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු වෙයි.

වගකීම් පතෙහි සදහන් කොන්දේසි භාෂාත්‍රයෙන්ම ලබා ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු වෙයි.

පාරිභෝගිකයන් මිලදී ගන්නා කල් පවත්නා භාණ්ඩ සම්බන්ධයෙන් බොහෝ විට ඇත්තේ මැසිවිල්ලකි. දිනෙන් දින පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිලි සලකා බැලූ විට ඒවායින් බොහෝමයක් පාරිභෝගිකයින් මිලදී ගන්නා භාණ්ඩ සම්බන්ධ දෝෂය. විශේෂයෙන් විදුලි උපකරණ සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ  සදහා දී ඇති වගකීම් කාලය සම්බන්ධයෙන් අදාල භාණ්ඩ මිලදී ගත් ආයතන වෙත පැමිණිලි කලද ඒවා නොසලකා ඇත.එසේම පාරිභෝගිකයන්ට නිකුත් කරන වගකීම් පතෙන් කියවෙන්නාවු කොන්දේසි තේරුම් ගැනීමට අපහසුය. එයට හේතුව ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් ඒවා මුද්‍රණය වී තිබීමය.
වගකීම්පත්(ප්‍රතිඥාහාර) සම්බන්ධයෙන් දිනෙන් දින පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිලි පිළිබදව විශේෂ අවධානයක් යොමු කල එහි සභාපති හසිත තිලකරත්න මහතා පාරිභෝගිකයාගේ ආරක්ෂාව සදහා මෙවැනි නීතියක් සැකසීම සම්බන්ධයෙන් ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාගේ අවධානයට යොමු කර අනුමැතිය ලබා ගෙන ඇත.
පාරිභෝගිකයාට තොරතුරු දැන ගැනීමේ අයිතිය වඩාත් තහවුරු කරන අවස්ථාවක් ලෙසද මෙම තීරණය පෙන්වා දිය හැක.
ඒ අනුව යමින් පාරිභෝගික අධිකාරියේ හසිත තිලකරත්න මහතාගේ අනුමැතිය යටතේ භාණ්ඩ සදහා නිකුත් කරන වගකීම්පත්(ප්‍රතිඥාහාර)  සහතිකපත්වල අඩංගු සියලු කොන්දේසි සිංහල,දෙමල හා ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම මුද්‍රණය කර පාරිභෝගිකයාට ලබා දිය යුතු බවට අති විශේෂ ගැසට් පත්‍ර අංක 1966$43 යටතේ විධාන කර ඇත. (ගැසට් පත අපගේ වෙබ් අඩවියෙන් භාගත කර ගත හැකිය.)
මෙම විධානය 2017 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

wcrd 2016 vavniya

යාවත්කාලීනය : 13-05-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.